චාමර හොයපු සුන්දර තුවාල කැළලක් පපුව මත කොටාගත් තරුණයා හමු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

චාමර හොයපු සුන්දර තුවාල කැළලක් පපුව මත කොටාගත් තරුණයා හමු වෙයි

චාමර වීරසිංහ කියන්නේ තරුණ පරම්පරාවේ වගේම වයස් බේදයකින් තොරව ආදරය කරන හදවතේ ගායකයයි. පසුගිය කාලයේ චාමරගේ රුව කෙටූ රසිකයෙක් පිළිබඳව ඔහු සඳහන් කර තිබුණා. ඒ ඔහුව මුණ ගැසීමට අවශ්‍යයයි කියලා.

කොහොම හරි කාලය ගත වෙලා හරි චාමරගේ ඉල්ලීම දැන් ඉෂ්ඨ වෙලා තියෙනවා. ඒ ඔහුට එම රසිකයාව මුණ ගැසීමත් සමගයි. ඒ පිළිබඳව චාමර තමන්ගේ ෆෙස්බක් ගිණුමේ මේ විදිහට සටහන් කරලා තිබුණා.

මගේ රුව ඔබේ පපුවේ කෙටූබව මම දුටුවේ පින්තූරයකින් පමණි.නමුත් කෙදිනක හෝ මා රුව පපුවමත කෙටූ ඔබ රුව දැක ගන්නට මා ආසා කලා..ඒ ආසව ඉශ්ට උනා.සදාකාලික සුන්දර තුවාල ලැලලක් පපුව මත කොටා ගන්නට තරම් උඹ මට ආදරය කලාට උඹට පිං මල්ලි.ඒ වගේම
හිතට දැනෙන සතුට මට කියල නිම කරන්න බෑ මල්ලියේ..මට බොහොම හොදට තේරුම් ගන්න පුලුවන් උඹල උඹලගෙ හදවතේ මට තියල තියන ඉඩ කොච්චරක්ද කියල…මල්ලියේ උඹට ගොඩක් ස්තුතියි.නිහතමානී සතුට වචන වලට පෙරලන්න තරම් මට හැකියාවක් නැති උනත් මේ තරමින් හරි මේ ටික කිව්වෙ චාමරට උඹල මේ තරම් ආදරේ කරනවග හදවතට දැනුන නිසා. බුදුසරණයි…





No comments:

Post a Comment

Post Bottom Ad