දුං විසිවෙන්න කැබිනෙට්ටුවේ කල කතාව ජනපති ඇල්පිටියේදි ප‍්‍රසිද්ධ වේදිකාවේදීත් කරයි.. බැදුම්කර හොරු නට්ටං..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

දුං විසිවෙන්න කැබිනෙට්ටුවේ කල කතාව ජනපති ඇල්පිටියේදි ප‍්‍රසිද්ධ වේදිකාවේදීත් කරයි.. බැදුම්කර හොරු නට්ටං..[Video]

තමන් විසින් ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයට ධම්ම පදයෙන් දේශනාවක් කල බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. මහජන දේපල ගසාකෑම, ආණ්ඩුවේ බැංකුවල සල්ලි හොරකම් කිරීම අකුසල් බවද පහදමින් තමන් විනාඩි 30-35ක පමණ දේශණයක් සිදු කල බවද ඒ මහතා කීය.

ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ ගාල්ල ඇල්පිටියේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැළියක් අමතමිනි. තමන් ඒ කතාව කර තේකක් බීම සදහා කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව ගොස් පසුව යලි පැමිණ බවද ඒ මහතා සදහන් කලේය. ‘මේ රටේ ඉතිහාසයේ ලොකුම මංකොල්ලය මහබැංකු බැදුම්කර මංකොල්ලයයි. ඒ මංකොල්ලෙ හොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත් කෙරුවෙ. ඒකේ වාර්තාව ගිය සතියෙ මට ලැබුන. 

ඒක ඔපරේෂන් වන්. මං අද දවාගෙ ඔපරේෂන් ටූ ක‍්‍රියාත්මක කරලයි ඔබතුමන්ල හම්බවෙන්න ආවෙ’ යයිද ජනාධිපතිවයා එහිදී කීවේය. නීතිපතිවරයා, අල්ලස් කොමිසමේ ප‍්‍රධානියා ඇතුළු ප‍්‍රධානීන් කැදවා මෙම බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ඉහලම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුනට දැන්වූ බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad