සුපිරි ක්‍රීඩක මහේල ධර්මසේනට සර් කියද්දී, නව නායක මැතිව්ස්, පුහුණුකරු හතුරුසිංහට අයියා කියන්නේ කොහොමද..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 13, 2018

සුපිරි ක්‍රීඩක මහේල ධර්මසේනට සර් කියද්දී, නව නායක මැතිව්ස්, පුහුණුකරු හතුරුසිංහට අයියා කියන්නේ කොහොමද..?

මේ දවස්වල ක්‍රිකට් උණුසුම හැමතැනින්ම වගේ දැනෙන්න පටන් අරන්.
පසුගියදා එක්දින සහ විස්සයි විස්ස නායකයා විදිහට ඇන්ජලෝ මැතිව්ස් පත්කළා. 

එදා පැවති මාධ්‍ය හමුවෙදි මැතිව්ස් කියලා තිබුණේ,

“හතු අයියායි, Chairman කතා කරලා කිව්වම තමයි මං මේක බාර ගත්තේ” කියලා. චන්දික හතුරුසිංහට හතු අයියා කියපු එකට සමහරු කැමතිවුණේ නෑ.

මොකද හතුරුසිංහ කියන්නේ දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු. පුහුණුකරු කියලා කියන්නේ කණ්ඩායමේ ඉන්න ගුරුවරයා. ඒ නිසා හතුරුසිංහට නිසි ගෞරවය දෙන්න ඕනේ කියලයි හුඟක් අය කිව්වේ.

මේ ගැන මුහුණුපොතේ අපූරු Post එකක් පලවෙලා තිබුණා. මැතිව්ස් එදා කරපු කතාව වගේම ප්‍රවීණ ජාත්‍යන්තර විනිසුරුවරයෙක් වුන කුමාර ධර්මසේන කියපු කතාවකුත් එහි තියෙනවා. “මහේලයි මමයි යාළුවෝ. එත් මම අම්පයර් කරන පළවෙනි වතාවේ මහේල බැට් කරන්න ඇවිත් ඉල්ලුවෙ “Leg Stump SIR” කියලා”

මොන තරම් සමීප යාළුවෙක් වුණාත් මහේල ධර්මසේනට නිසි තැනදි නිසි ගෞරවය ලබාදුන්නා. මහත්මා ගුණය කියන්නේ අන්න ඒකට කියලයි අපිනම් හිතන්නේ.



1 comment:

  1. අයියො ඔය සර් බර් නැතුවම බැරිද? වෙන රටවල් වලනම් කෝච්ට නම කියලයි කතාකරන්නෙ. මහේල 'සර්' කිව්වෙ අම්පයර් කියන තනතුරට නැතුව කුමාර් ධර්මසේන කියන පුද්ගායාට නෙවේ.

    ReplyDelete

Post Bottom Ad