ආණ්ඩුව කැළඹෙයි - ජනපති කැබනට් රැස්වීමෙන් නැගිට යයි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

ආණ්ඩුව කැළඹෙයි - ජනපති කැබනට් රැස්වීමෙන් නැගිට යයි..!


අද පැවති කැබනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. කැබිනට් රැස්වීම ආරම්භයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විනාශ කරන බව කියමින් සහ බැඳුම්කර වංචාව සමබන්ධයෙන් කොමිසමක් පත්කිරීම සමබන්ධයෙන් එ.ජා.ප ඇමතිවරුන් තමාව විවේචනය කරන බවයි.


එසේ විවේචන කරනවානම් තනියෙන් ආණ්ඩුව කරගන්නා ලෙස එ.ජා.ප ඇමතිවරුන්ට පවසමින් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් පිටත්ව ගොස් තිබෙනවා. නමුත් ඉන් පසු ජනාධිපතිවරයා හමු වූ අග්‍රමාත්‍යවරයා සහ ඇමතිවරුන් පිරිසක් සාකච්චා කිරීමෙන් පසු නැවත ජනාධිපතිවරයාව කැබිනට් රැස්වීමට කැඳවාගෙන ඒමට හැකි වුණා.

ජනාධිපතිවරයා  එහිදී පවසා ඇත්තේ කිසිදු පක්ෂයක් විනාශ කිරීමේ වුවමනාවක් නැති බවයි. පසුගිය දින කිහිපය තුළ එ.ජාපයේ හරීන් පනාන්දු සහ සුජීව සේනසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කළා.

No comments:

Post a Comment

Post Bottom Ad