ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදි පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයද ජය ගනිමින් ලෝකයේ අංක එක කණ්ඩායම දෙවරක් අසරණ කල දකුණු අප්‍රිකා කණ්ඩායම අද දිනයේ ටෙස්ට් තරඟාවලියේ ජයග්රහණයද තමන් සතු කර ගැනීමට සමත් විය.
පසුගිය කාලයේ දිගින් දිගටම ඉන්දියාව තුල සහ අසල්වැසි ශ්‍රී ලංකාව තුල ක්‍රීඩා කරමින් අංක එක බවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පත්වූ ඉන්දීය කණ්ඩායම පිතිකරුවන්ගේ තණතිලි මත තමන් පෙන්වන සෙල්ලම් පන්දු යවන්නන්ට සහය දෙන තණතිලි මත නොහැකි බව පෙන්නුම් කල අතර ඉන්දියාව තවමත් 21 වෙනි වියේ පසුවන දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක ලුන්ගිසානි නිගිඩි හමුවේ අසරණ වන ආකාරය ඉනිම දෙක තුලම දැකගත හැකි විය.
දෙවන ටෙස්ට් තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කල දකුණු අප්‍රිකාව පළමු ඉනිම සඳහා ලකුණු 337ක් ලබාගත්තේ මැකරම්,අම්ලා සහ ඩුප්ලේසි ලබාගත් අර්ධ ශතකයන්ද සමඟිනි. පන්දු යැවීමේදී ඉන්දියා කණ්ඩායමේ අශ්වින් කඩුලු 4ක් සහ ඉෂාන්ට් ශර්මා කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය. පළමු ඉනිම ආරම්භ කල ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 153ක් ලබාගත් අතර සෙසු කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 50 සීමාවද පසුකිරීමට හැකියාවක් ලැබුනේ නැත.
ඒ හේතුවෙන් ඉන්දීය පළමු ඉනිම ලකුණු 305 කට සීමා වූ අතර ,දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෝර්නි මෝකල් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ලකුණු 28ක වාසියක් සහිතව දෙවන ඉනිම ආරම්භ කල දකුණු අප්‍රිකා පිතිකරුවන් තම දෙවන ඉනිම සඳහා ලකුණු 258ක් ලබාගත් අතර එම ඉනිමේදී අර්ධ ශතක ලබා ගැනීමට AB ඩිවිලියස් සහ ඩීන් එල්ගාර් සමත් වූ අතර ඉන්දීය පන්දු යැවීමේ වැඩි බරක් කරට ගත් මොහොමඩ් ශමී කඩුලු 4 ක් ද බුම්රා කඩුලු තුනක්ද දවා ගැනීමට සමත් විය.
ඒ අනුව තරඟය ජය ගැනීමට ඉන්දියාවට එල්ල වූ ඉලක්කය ලකුණු 287ක් වූ අතර පන්දුවාර 100 කට වඩා මෙම ඉලක්කය හඹා යාමට ඉතිරිව තිබුනද ඔවුන් ආරම්භයේ සිටම ආරක්ෂාකාරී පිලිවතක් අනුගමනය කල අතර ඒ හේතුවෙන් සිව් වන දිනය නිමාවුනේ ලකුණු 35කට කඩුලු තුනක් අහිමි කර ගනිමිනි. අවසන් දිනයේ ආරම්භයේ සිට නැaවත තම කඩුලු දඩයම ආරම්භ කල දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉන්දියාව ලකුණු 151ක ට දවා ගත්තේ දෙවන ටෙස්ට් තරඟයේ ජය ලකුණු 135 කින් තමන් සතු කර ගනිමිනි.
දෙවන ඉනිමේ යම් තරමක් හෝ සාර්ථක වූ රෝහිත් ශර්මා ලකුණු 46ක් ලබා ගත් අතර දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනේ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායම නියෝජනය කරන මොහොමඩ් ශාමිය. ඉන්දීය පිතිකරුවන්ට දැඩි තර්ජන තම පළමු තරඟයේ ම එල්ල කල නිගිඩි ඉන්දීය කඩුලු 6ක් දවා ගත් අතර ඔහුගේ පන්දුවේ වේගය බොහෝ අවස්ථාවල පැයට කිලෝමීටර් 150 සීමාවද ඉක්මවා යන අකාරය දැක ගත හැකි වූ අතර තරඟයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.
Wednesday, January 17, 2018
ගෙදරදී වැඩ පෙන්නා එක වු ‘ඉන්දියාව’ 21හැවිරිදි කෝඩුකාරයෙකු ඉදිරියේ දණ ගසයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment