ධර්මසේනගේ තීන්දුවක් නිසා අළු බඳුන රත්වෙයි - අවුට්ද ? නැද්ද? ( VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

ධර්මසේනගේ තීන්දුවක් නිසා අළු බඳුන රත්වෙයි - අවුට්ද ? නැද්ද? ( VIDEO)

එංගලන්ත කන්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළු බඳුන තරඟාවලියේ හතරවන තරඟය මේ වන විට පැවැත්වෙනවා. පැවති තරඟ 3 ජය ලබමින් මේ විටද තරඟාවලියේ ජය හිමිකරගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩාමයි.

මෙම තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 327ක් රැස් කළා. පසුව පිටියට පිවිසි එංගලන්ත පිල මේ වන විට කඩුලු 9ක් දැවී ලකුණු 491 ලබා සිටිනවා. එංගලන්ත ආරම්භක පිතිකරු ඇලස්ටෙයාර් කුක් සිය ටෙස්ට් දිවියේ පස්වන ද්විත්ව ශතකය රැස් කිරීමට මෙහිදී සමත් වූ අතර, ලොව අග්‍රගණ්‍ය පිතිකරුවෙකු වූ බ්‍රයන් ලාරාද පසු කර යමින් ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු හිමි හත්වන පිතිකරුවා ලෙසටද ඔහු මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණා.

මේ අතර අද තරඟයේදී ඕස්ට්‍රෙලියානු කණ්ඩායමේ උස්මාන් ක්වාජා ලබාගත් උඩ පන්දුවක් පිළිබඳවද කතාබහට ලක්වුණා. එහිදී එංගලන්ත පිලේ ස්ටුවට් බ්‍රෝඩ් ලබාදුන් උඩපන්දුවක් ක්වාජා රැකගත් අතර තෙවන විනිසුරුට එය යොමුකළ අවස්ථාවේ ක්වාජා අතින් පන්දුව ගිලිහෙන අයුරු පෙනෙන්නට තිබුණත් නිවරැදි පුනුරූපනයන් නොමැති බැවින් පිටියේ විනිසුරු දැවීමයාමක් ලෙස සටහන් කර ඇති නිසා එය දැවීයාමක් ලෙස සටහන් වුණා.එම අවස්ථාවේ පිටියේ විනිසුරු ලෙස ක්‍රියා කළේ ශ්‍රීලංකාවේ කුමාර් ධර්මසේනයි.







No comments:

Post a Comment

Post Bottom Ad