අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ‍්‍රී ලංකා පිළේ ප‍්‍රබලයෙක් ඉවතට..හේතුව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 23, 2017

අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ‍්‍රී ලංකා පිළේ ප‍්‍රබලයෙක් ඉවතට..හේතුව මෙන්න

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තුන්ඉරියව් ක‍්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියානු කන්ඩායම සමග පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරගයෙන් ඉවත් කර තිබෙනවා.ඒ ඊයේ පැවැති තරගයේදී ඇතිවු අබාධ තත්වයක් හේතුවෙන්.


මැතිව්ස් එක්දින තරගාවලියේදී ඉතා හොදින් පන්දු යැවීමට නිතර වුවත් ඊයේ තරගයේ 11 වැනි පන්දුවාරය ක‍්‍රියාත්මක කරමින් සිටියදී යළි අබාධයට ලක්විය. එම අවස්ථාවේදී ම මැතිව්ස් ක‍්‍රීඩා පිටියෙන් ඉවත් වු අතර පන්දුවට පහරදීමට සදහා ද නොපැමිණි අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 88කින් තරගය පරාජයට පත් විය.

2016 වර්ෂයේ අගෝස්තු 31 වැනිදා සිටි මැතිව්ස් හට ටෙස්ට් තරග 06ක්, එක්දින තරග 20ක් හා විස්සයි විස්ස තරග 11ක් වශයෙන් අන්තර්ජාතික තරග 37 අහිමි වී ඇත. තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගය හෙට මුම්බායි නුවර වෙන්කඩේ ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි

No comments:

Post a Comment

Post Bottom Ad