කතානායකතුමනි මට වැරදුනා - අනාගතය වෙනූවෙන් මම ඒ තීරණය නොගත්ත නම් අද බැනුම් අහන්නේ ඔබ! - ආන්දෝලනාත්මක ගොඩනැගිල්ල ගැන දුමින්දගෙන් සැර කතාවක්...! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

කතානායකතුමනි මට වැරදුනා - අනාගතය වෙනූවෙන් මම ඒ තීරණය නොගත්ත නම් අද බැනුම් අහන්නේ ඔබ! - ආන්දෝලනාත්මක ගොඩනැගිල්ල ගැන දුමින්දගෙන් සැර කතාවක්...! (VIDEO)


පාර්ලිමේන්තුවේ ආංශික ක්‍රියාකාරකම් සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොඩනැගිලි ඉල්ලූ අවස්ථාවේදී නව ගොඩනැගිල්ලක් ලබා දෙන තුරු එය පැවරීම ප්‍රතික්ෂේප කලේ නම් තමන්ට සහ ආණ්ඩුවට වර්ථමාන අමාත්‍යංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතරම් මහජන අප්‍රසාදයට ලක්වීමට සිදු නොවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කතානායක කරූ ජයසූරිය අමතා ප්‍රකාශ කලා. 

ඊයේ(22) පැවති 2018 අයවැය  විවාදයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ නොවී පවත්වාගෙන යාම සඳහා අමාත්‍යවරයා ලෙස තමන් එම කැපවීම සිදුකල බවද ඔහු සදහන් කලා. මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ආයතනය බංග්ලාදේශයට විකුණූ බවට පැතිර ගිය මඩ ප්‍රචාරය ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා, තමන්ගේ උත්සාහය වනුයේ බීජ වෙනුවෙන් වසරකට විදේශ රටවලට ඇදී යන රුපියල් බිලියන එකහමාරක පමණ විශාල මුදල රටේ ඉතිරි කරගැනීම බවත් කිසිදා එම ආයතනට විදේශ රටකට විකුණන්නේ නැති බවත් ප්‍රකාශ කාලා. 

ඉදිරි වසරේ කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙලක් සහිතව කටයුතු කරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සම්පූර්ණ කතාව ඔබට පහතින් නැරඹිය හැක. 

No comments:

Post a Comment

Post Bottom Ad