මහින්දට හොරා කියූ චන්ද්‍රිකාට නිමල් සිරිපාල කණ පිරෙන්න කියයි.. හොරු කවුදැයි මුල සිට උගන්වයි.. මල පැන චන්ද්‍රිකා යන්න යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

මහින්දට හොරා කියූ චන්ද්‍රිකාට නිමල් සිරිපාල කණ පිරෙන්න කියයි.. හොරු කවුදැයි මුල සිට උගන්වයි.. මල පැන චන්ද්‍රිකා යන්න යයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ 22 පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විනි.

‘අපේ පක්‍ෂයේ නායකයන්ගේ තිබෙන නොයෙක් කොන්තර නිසා හැමදාම පාක්‍ෂිකයන් බැට කනවා. දෙකට බෙදිල ගිය කාලය ඇති. දැන් අපි ඔක්කොම එකතු වෙන්න ඔ්න. නැත්නම් පාක්‍ෂිකය අසරණ වෙනවා’ යයි එහිදී හිටපු අගමැති දි.මු. ජයරත්න දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කලේය.

එම මතය අනුමත කරමින් ඇමති නිමල් සිරිපාල සිල්වා කියා සිටියේ තව දුරටත් වෙන්ව යා නොහැකි තැනකට පක්‍ෂය පැමිණ ඇති බවයි. එම අදහස්වලට සහමුලින්ම විරෝධී මතයක් දරමින් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය ‘ඒ කියන්නෙ හොරුත් එක්ක යන්න ඕන කියලද’ යයි සභාවෙන් විමසා ඇත.

ඊට වහා පිලිතුරු දෙමින් ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ‘අයියෝ ඒගොල්ලො මොන හොරුද. මේ දැන්නෙ අපි නියම හොරුත් එක්ක ඉන්නෙ. මුං එක්ක ඉන්න අපිට ඒගොල්ලො එක්ක ඉන්න කිසිම ප‍්‍රශ්නයක් නෑ’ යයි සදහන් කර තිබේ. බලාපොරොත්තු නොවූ ප‍්‍රතිචාරයෙන් කෝප ගත් බවත් පෙන්වූ හිටපු ජනාදිපතිනිය එතැනින් නැගිට ඉවත්ව ගොස් ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad