ජනපති සමාවෙන් ගම්බිම් බලායන ඉන්දීය ධීවරයින් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

ජනපති සමාවෙන් ගම්බිම් බලායන ඉන්දීය ධීවරයින් (PHOTOS)

තෛයිපොන්ගල් නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 102 ක් ඊයේ (21) ඉන්දියාවේ රාමේස්වරන්හි ඉන්දීය වෙරලාරක්ෂක නිළධාරීන් වෙත භාරදීමට නාවික හමුදාව කටුයුතු කළ බව වාර්තා වේ.

2015 වසරේ නොවැම්බර් 19 දින අත්අඩංගුවට පත්ව සිරගතව සිටි මෙම ඉන්දීය ධීවරයින් පිරිස දින 50 කින් පසුව මෙසේ නැවත සිය ගම් බිම් වෙත ගොස් ඇති අතර ඔවුන් නිදහස ලබා පැමිණෙන ආරංචියට එම ධීවරයන්ගේ පවුල්වල ඥාතීන් ඇතුලු හිතමිතුරන් විශාල ප්‍රමාණයක් රාමේස්වරන් මුහුදු වෙරළට රැස්ව සිටියහ.

මෙම ඉන්දීය ධීවරයින් පිරිස මෙසේ නිදහස ලබා නැවත ඉන්දියාවට ගියද ඔවුන්ගේ ධීවර යාත්‍රා තවමත් නිදහස් කොට නොමැත.
එම ධීවර යාත්‍රා සියල්ල රාජසන්තක කිරීමට පියවර ගන්නා බවට ධීවර අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.

ඡායාරූප පහතින්.


රොමේෂ් මධුෂංඛ - වන්නි

No comments:

Post a Comment

Post Bottom Ad